
ආයුර්වේද නිෂ්පාදන

රාජකීය මහා වාත පීනස්රාජ තෛලය
හිසරදය, කන් කැක්කුම, දත් කැක්කුම, නාසය රිදීම, නාසය සිරවීම, නාසයෙන් දුගඳක් පිටවීම, නාසය වටෙ වණවීම, කටට කුණු රසක් දැනීම, මුහුණේ බිබිලි දැමීම, හිස බරගතිය, නිතර කිවිසුම්යාම, නිතර ප්‍රතිශ්‍යාව, ඇස් කන් උගුර කැසීම, කන්වල ශබ්ද හා කන් නෑසීම, ඇස් වලින් කබ කඳුළු ගැලීම, දත්මුල් දියවීම, පපුව රිදීම, ඇදුම, කැස්ස, හතිය, පපුවේ ශබ්දය, උගුරේ සෙම්ගෙඩි, නාසයේ මස්දළු ඇතිවීම, අකලට හිසකෙස් පැසීම හා ගැලවීම, නාසයෙන් ලේ ගැලීම ආදී පීනසය ආශ්‍රිත සියළු රෝගාබාධයන් සම්පූර්ණයෙන් සුව කරයි.
කේශානීල තෛලය
අකලට කෙස් සුදුවීම, අධිකව කෙස් ගැලවීයාම, කෙස් පැලීම, කොණ්ඩය දික් නොවීම, හිසකෙස් දුර්වර්ණවීම, හිස්සොරිරි, උඳුගොව්වන් කෑම, හිසේ ඇතිවන පොතු කබර තත්වය, සුව නොවන අධික හිසරදය, ඇස් පෙනීමේ දුර්වලතා, ඇස් දැවිල්ල, කබ කඳුලු ගැලීම, නින්ද නොයාම ආදී සියලු රෝගාබාධයන්ට ප්‍රත්‍යක්ෂයි. හිසට සහ හිසකෙ වලට පෝෂණය ලබාදෙයි. හිසේ ස්නායු උත්තේජනය කරයි. ස්නායු සම්බන්ධ රෝග පීඩා සමනය කරයි. ධාරණ ශක්තිය වර්ධනය කරයි, ශරීරගත උෂ්ණ රෝග සඳහා විශේෂයි. හිස සිසිල් කර මනා සුවයක් ලබාදෙයි. කාන්තා, පිරිමි, බාල, මහලු සියලු දෙනාටම එකසේ ගුණදායකය
පාවට්ටා තල්සූකිරි පැණිය
(කැස්ස පැණිය)
ශ්වසන පද්ධතියේ හට ගැනෙන සෙම්රෝග සඳහා සකස් කළ ශාක සාරමය ඖෂධීය පැණිය. කැස්ස, හතිය, ක්ෂය රෝග, අධික රුධිර පීඩනය, පීනසය, අත්දාහය ආදී රෝගවලට ඉතා ගුණදායක පානයකි. බාල, තරුණ, වැඩිහිටි, මහලු, ඕනෑම වයස් මට්ටමක කාටත් ගුණදායකයි.
මුඛ ශාන්ති
දත් මුල් දියවීම, දත් මුල් සෙලවීම, සැරව ගැලීම, කට ගඳගැසීම, දත් කැක්කුම ආදී මුඛ ආශ්‍රිත සියලු රෝගාබාධයන් වහා සමනය කර මුඛයේ නැවුම් බවක් ඇතිකරයි.
මූල රෝග සුවය
(සීනි රහිත)
සියලුම අර්ශස් රෝග සඳහා යෝග්‍යය වේ. ගුද මාර්ගයෙන් ගෙඩි පිටතට ඒම, මූලම පාත්වීම, ගුද මාර්ගය අවසානයේ ඉදිමීම, දැවිල්ල, කැක්කුම, කැසීම, සල් පිටවීම, සීදම් ගැලීම, පැලීම් ඇතිවීම යන අර්ශස් රෝග සඳහා ඉතා යෝග්‍යය වේ. ග්‍රහණි රෝග, පාණ්ඩු රෝග, හෘද රෝග,මල බද්ධය, කුෂ්ඨ රෝග සඳහාද යෝග්‍ය වේ. බලය, වර්ණය හා බඩගිනි වඩන ආහාර විරේචන ගුණයෙන්ද යුක්තය.
මූල රෝග සුවය
සියලුම අර්ශස් රෝග සඳහා යෝග්‍යය වේ. ගුද මාර්ගයෙන් ගෙඩි පිටතට ඒම, මූලම පාත්වීම, ගුද මාර්ගය අවසානයේ ඉදිමීම, දැවිල්ල, කැක්කුම, කැසීම, සල් පිටවීම, සීදම් ගැලීම, පැලීම් ඇතිවීම යන අර්ශස් රෝග සඳහා ඉතා යෝග්‍යය වේ. ග්‍රහණි රෝග, පාණ්ඩු රෝග, හෘද රෝග,මල බද්ධය, කුෂ්ඨ රෝග සඳහාද යෝග්‍ය වේ. බලය, වර්ණය හා බඩගිනි වඩන ආහාර විරේචන ගුණයෙන්ද යුක්තය.
සුදර්ශන පැණිය
(ප්‍රතිශක්තිජනක පානය)
Sneezing & Runny nose, Itchy eyes, Ears & throat is treated. Furthermore, Symptoms like Asthma, Chest pains & Phlegmatic sounds in chest can also be cured with this oil. Blisters, Ache & sore skin around nose & face can be treated. This Catarrh oil also a perfect remedy for Premature graying & hair fall too.
ජීවබල වාත තෛලය
ආමවාත රෝගය හෙවත් ආතරයිටීස් රෝගයට හා දණහිස් කැක්කුම, සන්දි ඉදිමීම, නහර ගැටගැසීම, කොන්දේ වේදනාව, මාංශ පේශී වේදනාවන් ආදී රෝග වලට භාහිරින් ආලේප කිරීමට ඉතා සුදුසු තාක්ෂණිකව වැඩි දියුණු කළ සායෝගයකි.
ගුග්ගුලාදී සන්දි වාත තෛලය
ආතරයිටීස් රෝගය සඳහාම වැඩිදියුණු කළ සංයෝගයකි. දණහිස් කැක්කුම සන්දි ඉදිමීම, නහර ගැටගැසීම, කොන්දේ වේදනාව, උරහිස් හා බෙල්ල ආශ්‍රිත වේදනාවන් ආදී රෝග වලට භාහිරින් ආලේසප කිරීමට ඉතාමත් සුදුසුය.
මේදහර සුවය
(මේදහර ක්වාථය)
රුදිරයේ ඇති අහිතකර මේද ප්‍රමාණයන් අඩුකර ගැනීමටත්, ඒ මගින් හෘද රෝග වැළඳීමට ඇති හැකියාව අඩුකර ගැනීමටත්, මෙම ක්වාථය මගින් හැකියාව ඇත. අධික තරබාරුව, කොලොස්ටරොල් , අධික රුදිර පීඩනය,[expander_maker id="1" more="Read more" less="Read less"] රුදිර නාලවල ලේ කැටි ඇතිවීම, අංශභාගය, අක්මාවේ රෝග, දියවැඩියාව, වකුගඩු රෝග සඳහාද ප්‍රත්‍යක්ෂ ඔසුවකි. මෙම ඖෂධය භාවිතයේදී ආහාර පාලනයද අතයාවශ්‍යය වේ. ක්ෂණික ආහාර, ගැඹුරු තෙලෙන් බදින ලද ආහාර, රතු මස් වර්ශ, බිත්තර කහ මද, මාගරීන් ආදී ආහාර වලින් වැලකිය යුතුයි. දිනපතා ව්‍යායාමවල නිරතවීමද වැදගත් වේ. [/expander_maker]
දෙසඳුන් කල්කය
(රත කල්කය)
ළදරුවන්ගේ උණ, වමනය, බඩ පිපුම, අජීණර්ය, මළ බද්ධය, රතගායට ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. ඉපදී දින 14 සිට අඛණ්ඩව කලක් ලබාදීමෙන් ප්‍රතිශක්තිය වර්ධනය කරයි.
ශර්කරාදී කල්කය
ළදරුවන්ගේ උණ, කැස්ස, ඇදුම, මළ බද්ධය, මුත්‍ර අඩස්සිය, ඇම්ම, වෙව්ලුම යන රෝග සුවකෙරේ.
රෝගානිකාස් ලේපය
සමෙහි හට ගන්නා සියළුම තැලීම්, ඉදිමුම්, ගල්සතැලුම්,ලේ සහ සැරව සහිත ගෙඩි,කුෂ්ඨ හා අර්ශස් ගෙඩි, ආදියට වඩාත් ගුණදායක ආලේපයකි. භාහිර ආලේසපය සඳහා පමණි.