
වනමන්දාව ඉතිහාසය

1960 වර්ෂයේදී වෛද්‍ය ශිරෝමණී සාම විනිසුරු වෛද්‍යාචාර්ය පී.ජේ. සෝමරත්න වෙද මැතිඳුන් විසින් සිය පාරම්පරික වෙදකම වන පීනස රෝග ආශ්‍රිත සියලු රෝගාබාධ සඳහා හෙළ වෙදකම ආරම්භ කරමින් වනමන්දාවේ ප්‍රධාන බෙහෙත් ශාලාව, ඓතිහාසික දඹදෙණි පුරවරයේ ගිරිඋල්ල පුස්කොළදෙණිය ග්‍රාමයේදී පිහිටුවනු ලැබිය.දෙස් විදෙස් සුවහසක් රෝගීන් අතර වනමන්දාවේ රාජකීය මහා වාත පීනස් රාජ තෛලය මූලික කරගත් වනමන්දාවේ හෙළ වෙදකම වඩාත් ප්‍රචලිත විය.
1988 වර්ෂයේදී වනමන්දාවේ දෙවන පරම්පරාවේ සාමාජික එතුමන්ගේ වැඩිමහල් පුත් වෛද්‍ය කීර්ති පණ්ඩිත, හෙළ වෙද ඉසි දේශ කීර්ති විද්‍යාපති,වෛද්‍ය විශාරද පණ්ඩිත, වෛද්‍යාචාර්ය අනුර කුමාර සෝමරත්න මැතිඳුන් විසින් පාරම්පරික වෙදකම හා නූතන ආයුර්වේද සංස්කෘතික ක්‍රමවේද මගින් සර්වාංග රෝග වෙදකම හා ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය ආරම්භ කරමින් වනමන්දාවේ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය හා වනමන්දාවේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදනාගාරය පිහිටුවාගනු ලැබීය.
1994 වර්ෂයේදී සිය පියාණන්ගේ අභාවයෙන් පසුව අනුර කුමාර සෝමරත්න වෙද මැතිඳුන්ගේ කළමනාකරන අධ්‍යක්ෂකත්වයෙන් හා තම බිරිඳ වන වෛද්‍යාචාරීණී තුසිතා සෝමරත්න, එකම සහෝදරයා හා සහෝදරිය වන සෝමරත්න මල්ලවාරච්චි මහතා හා ධ්‍ම්මිකා සෝමරත්න මහත්මිය සහ එච්.එම්.පී.හිටිසේකර මහතා ඇතුළු විධායක මණ්ඩලයකින් වනමන්දාවේ ආයුර්වේද ඖෂධ සමාගම මෙහෙයවනු ලැබීය
2005 වර්ෂයෙදී ඖෂධීය පැලෑටි රෝපණය කිරීමේ හා සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘති හොරගොල්ල සහ හබරණ ප්‍රදේශවල ආරම්භ කරන ලදී.
2012 වර්ෂයේදී අනුර කුමාර සෝමරත්න වෙද මැතිඳුන්ගේ හදිසි අභාවයෙන් පසුව වෛද්‍යාචාරිණී තුසිතා සෝමරත්න මහත්මියගේ කළමනාකරණ අධ්‍යක්ෂකත්වයෙන් සහ කණිෂ්ක බණ්ඩාර සෝමරත්න මහතා හා අනුරාධා සෝමරත්න මෙනවියගේ සම අධ්‍යක්ෂකත්වයෙන්, සාමාන්‍යාධිකාරී සෝමරත්න මල්ලවආරච්චි මහතා සහ සෙසු විධායක මණ්ඩල සාමාජිකයන් සමගින් වර්තමානයේ වනමන්දාවේ ආයුර්වේද ඖෂධ සමාගමේ කටයුතු මෙහෙයවනු ලබයි.
2019 වර්ෂයේදී වනමන්දාවේ ආයුර්වේද ඖෂධ සමාගමට අනුබද්ද ආයතනයක් ලෙසින් වෛද්‍ය ගයේෂා සාරංගි කුලතිලක මහත්මිය විසින් වනමන්දාව සෝමරත්න වෙද මැදුර ආරම්භ කරන ලදී
2020 වර්ෂයේදී නව අනුබද්ද ආයතනය ලෙසින් වනමන්දාව දේශීය ආයුර්වේද ඖෂධ නිෂ්පාදානාගාරය සෝමරත්න මල්ලවාරච්චි මහතාගේ කළමනාකරණ අධ්‍යක්ෂකත්වයෙන් ආරම්භ කරන ලදී.
2020 වර්ෂයේ දී වනමන්දාවේ තෙවැනි පරම්පරාව නියෝජනය කරමින් වනමන්දාව සමූහයේ සම අධ්‍යක්‍ෂිකා අනුරාධා සෝමරත්න මෙනවිය විසින් ස්වකීය සුඛෝපභෝගී සන්නාමයක් ලෙසින් ස්වස්ති ආයුර්වේදය ආරම්භ කළ අතර එමඟින් සුඛෝපභෝගී අත්කම් ආයුර්වේද නිෂ්පාදන හඳුන්වා දෙන ලදී. දිවංගත සිය පියාණන්වන වෛද්‍යාචාර්ය අනුර කුමාර සෝමරත්න මැතිඳුන්ගේ සාම්ප්‍රදායික ආයුර්වේද වෛද්‍ය ක්‍රම කෙරෙහි තිබූ දැක්ම, විශ්වාසය හා සංකල්ප සඳහා ජීවය ලබා දීම සඳහා ගෝලීය වෙළෙඳපොළ වෙත ලඟාවන ආයුර්වේද වෙළඳ නාමයක් නිර්මාණය කිරීමේ අරමුණින් ස්වස්ථි ආයුර්වේද ආරම්භ කරන ලදී.








ආරම්භය

1960

1988

2005

2012

2019

2020

2020
අද
වනමන්දාවේ ආයුර්වේද ප්‍රතිකාර සහ ආයුර්වේද ඖෂධ වල පවතින ගුණාත්මක විශිෂ්ටභාවය නිසා දෙස් විදෙස් සුවහසක් ජනතාව විශ්වාසයෙන් යුතුව භාවිතා කරති.